ස්වීඩනයේ ස්ටොක්හෝම් “ඩයමන්ඩ් ලීග්” තරගාවලියේ මීටර් 100 අවසන් තරගයේදී යුපුන් අබේකෝන් බලාපොරොත්තු නොවූ ආබාධයකට ලක්විය.
කෙසේ වෙතත් ඔහු ඊයේ (02) පැවති දෙවැනි කාණ්ඩයේ තරගයේදී තත්පර 10.22ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්ව ජය ගැනීමට සමත්වුණි.
2024 පැරිස් ඔලිම්පික් උළෙලට ආරම්භයට තවත් ඇත්තේ සති 8ක කාලයක් පමණි.
පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් මේ දිනවල පැවැත්වෙන ස්වීඩනයේ ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් තරගාවලියට එක්වුණි.
එම කාණ්ඩයේ තරගය ජයගත් යුපුන්ට ස්වීඩනයේ ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ප්‍රධාන ඉසව්ව සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.
එම ඉසව්වවට සහභාගී වු යුපුන්ට හිමිවුණේ 8වැනි ස්ථානයයි.
ඒ ඔහු තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනි.