Headlines

    කලාප කිහිපයක පාසල් සඳහා හෙටත් නිවාඩු

    ගම්පහ, කැලණිය අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදී ඇත.

    පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

    මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ රත්නපුරය, කැගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවය.

    කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයට අයත් පාසල් සඳහා ද හෙට දිනයේ නිවාඩු ලබාදී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *