ගංවතුර තත්ත්වය පිළිබඳව නවතම නිවේදනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ කළු ගඟ පුටුපාවුල සහ ඇල්ලගාව ප්‍රදේශයෙනුත් කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින බවය.
එසේම මෙම ගංවතුර තත්ත්වයේ වර්ධනයක් තවදුරටත් සිදුවන බව එම නිවේදනයේ දැක්වෙයි.
මේ අතර නිලවලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින අතර එයද වර්ධනය වෙමින් පවතින බව එහි දැක්වෙයි.
එසේම අත්තනගලු ඔය තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පැවතිය ද එහි සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද පස්වරු 3.30ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ කැලණි, කළු, ගිං, නිල්වලා, මහඔය. අත්තනගලු ඔය ආශ්‍රිත ගංවතුර තත්ත්වයේ නවතම නිවේදනය පහතින්.
