ජාතික නිදහස් දිනයේ පෙර පුහුණුවීම් කටයුතු හේතුවෙන් අද (30) සිට ලබන 03 වැනි දා පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
තව ද නිදහස් උත්සවය යෙදෙන ලබන 04 වැනි දා පෙරවරු 4 සිට පස්වරු 1 දක්වා ද එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරේය.
එම හේතුවෙන් නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක් සම්පුර්ණයෙන් වසා තැබෙන අතර තවත් මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති අතර එම කාලය තුළ ගමන් කිරීමට විකල්ප මාර්ග කිහිපයක් ද හඳුන්වා දී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අනුව කොළඹ සොයිසා වටරවුමේ සිට ඉදිරියට පැමිණෙන වාහනවලට නෙළුම් පොකුණ හන්දියෙන් ඉදිරියට නිදහස් චතුරශ්‍රය දෙසට යාමට අවස්ථාව හිමි නොවනු ඇති අතර බොරැල්ලේ සිට හෝර්ටන් පෙදෙස ඔස්සේ නෙළුම් පොකුණ දෙසට එන වාහන විජේරාම මාවතෙන් දකුණට හැරී හෝර්ටන් පෙදෙස, පුරහල ඔස්සේ යුන්යන් පෙදෙස හෝ ඩීන්ස් පාර හරහා කොටුවට ගමන් කිරීමේ හැකියාව තිබේ.
කෙසේ වෙතත් ගාලු පාරේ, කොටුව, පිටකොටුව දෙසට එන වාහන සුපුරුදු පරිදි ගමනාගමනය සිදු වන අතර කොළඹ පරණ පාර, නුවර පාර, මීගමුව පාර හා කටුනායක අධිවේගී මාර්ගයෙන් කොටුව, පිටකොටුව දෙසට පැමිණෙන වාහන සාමාන්‍ය පරිදි ගමනාගමනය සිදු වේ. රථ වාහන ධාවනය සීමා වන්නේ නිදහස් චතුරශ්‍රය හා ඒ ආශ්රිත ප්‍රදේශවල පමණි.