Headlines

    දඹුල්ලට අලුත් හිමිකරුවෙක්

    LPL තරගාවලියට සහභාගී වෙන දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් ලෙස අමෙරිකානු සමාගමක් තෝරාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

    එම කණ්ඩායමේ නව හිමිකරු වන්නේ, ලොස් ඇන්ජලිස් හි පිහිටි ප්‍රධාන පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants ආයතනයයි.

    ඒ අනුව එළැඹෙන LPL තරගාවලිය සඳහා “දඹුල්ල සික්සර්ස්” නමින් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතය.

    Sequoia Consultants සමාගමේ බහුතර කොටස් හිමිකරු වන්නේ ප්‍රියංග ද සිල්වා ය. ඔහු වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකි.

    එසේම ප්‍රියංග, 1983 දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර ඔහු මෙරට පළමු පෙළ තරග සඳහා ද සහභාගී වී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *