Headlines

    පොසොන් සමයේ ප්‍රවාහන සේවා සිදුවෙන අයුරු

    අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

    ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.

    එහිදී බස්රථ 400කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කරන අතර ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ලබා ගැනීමට නියමිතය.

    මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟහැරීම සඳහා මීට පෙර වර්ෂවලදී පැවති පොසොන් මංගල්‍යය සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් මෙවර ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *