Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-jan-29) – මරණ 300 ඉක්මවයි – ඊයේ ආසාදිතයින් 859 යි මරණ 08 යි

    අද දින (30) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 859 දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ,කොළොන්නාවේ පදිංචි 65 හැවිරිදි පුද්ගයෙකු, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු, පානදුර ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, 90 හැවිරිදි කළුතර පදිංචි කාන්තාවක්, මොරටුව පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලියන්දල පදිංචි 43 හැවිරිදි කාන්තාවක්, සයින්දමර්දු ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයෙක් හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි66 හැවිරිදි කාන්තාවක් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 300 සීමාව ඉක්ම හොස් මරණ 305 දක්වා ඉහල ගොස් ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 62,445
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව –
    55,398
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව –
    6,742
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව –
    305

    https://www.hpb.health.gov.lk/ (Accessed jan-30-2021 11.30 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *