Headlines

    ඇපල් දුරකථනවලට Chat GPT එකතු වෙයි

    AI තාක්ෂණයේ පෙරමුණ ගැනීමට ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම් අතර තියුණු තරගයක් ඇති වී තිබෙන මොහොතක අමෙරිකානු ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට කටයුතු කරමින් සිටී. 

    ඒ අනුව ඊයේ පැවති ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) ප්‍රකාශ වුණේ ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් නිෂ්පාදනය AI නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් සන්නද්ධ කෙරෙන බවය. 

    විශේෂයෙන් Open AI සමාගමේ ජනප්‍රිය Chat GPT කෘත්‍රිම බුද්ධි යෙදුම අයිෆෝන්වලට අන්තර්ගත කරන බව ඇපල් සමාගම නිවේදනය කළේය. 

    එමෙන්ම හඬ මගින් අන්තර්ක්‍රියා කළ හැකි “සිරි” (Siri) යෙදුම මගින් ඇපල් දුරකථනවලට කෙටි පණිඩුව, ඊමේල් සහ තුන්වැනි පාර්ශ්වයක යෙදුම්වලටද ප්‍රතිචාර දැක්විය හැකි බව ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් සඳහන් කරයි. 

    ඔබ වෙනුවෙන් ඊමේල් ලිවීමටත් අවස්ථාවට සරිලන අන්දමේ හඬින් පණිවුඩ යැවීමට  “සිරි”  AI යෙදුම සමත් වෙයි.

    ජනප්‍රිය  Chat GPT AI යෙදුම ඇපල් අයිෆෝන්වලට අන්තර්ගත කරනු ඇත්තේ මේ වසර අගදී ය.

    ඇපල් සමාගම මේ විදියට AI තාක්ෂණය පිළිබඳ අවධානය යොමුකරද්දි අයිෆෝන් අලෙවියේ වර්ධනයක් අපේක්ෂා කෙරේ. 

    විශේෂයෙන් තම ජංගම දුරකථන AI තාක්ෂණයෙන් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන අයිෆෝන්හිමියන් මේ විදියට නව අයිෆෝන් මාදිළි මිලදී ගැනීමට පෙළඹෙනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *