Headlines

    ලොව ධනවත් රටවල් හතේ මෙවර ඉලක්කය

    ලොව ධනවත් රටවල් හතේ නායකයින් සහභාගී වන G7 සමුළුව ඉතාලියේදී අද පැවැත්‌වෙයි.

    කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් එම සමුළුව අද සිට ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

    මීට අමතරව අප්‍රිකාවේ සහ ඉන්දු පැසිපික් කලාපීය රටවල නායකයින්ද G7 සමුළුවට සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ‍යුක්‍රේනයේ සහ ගසා තීරයේ යුධ ගැටුම් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී දැඩි අවධානයක් යොමු වනු ඇති බවද පැවසෙයි.

    මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවට සමගාමීව එම හමුව පැවැත්වෙනු ඇති බවද වාර්තා වෙයි.

    කෙසේවෙතත් නායකයින් දෙදෙනා හමුවන නිශ්චිත දිනයක් හෝ ස්ථානයක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *