ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් තවත් ලක්ෂ 25ක ඇණවුම්ක්

ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 25ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

එන්නත් තොගය මසක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත් තවත් එන්නත් මිලියන 3.5 ක් ඇණවුම් කිරීම සදහා සැලසුම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරේය.

ඒ අනුව ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පසුගියදා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු අතර එය මේ වනවිට සෞඛ්‍ය සේවකයින්ට හා ත්‍රිවිධ හමුදා නිලධාරින්ට ලබාදීම සිදු කෙරනු ලබන අතර අදත් (31) රෝහල් 100දී එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.

ඊයේ (30) දිනය අවසන් වනවිට මෙරට එන්නත්කරණය කළ සමස්ත සංඛ්‍යාව 37,825 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *