Headlines

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද (15) පැවති එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත් වුණේ හම්බන්තොට ක්‍රීඩාංගණයේදී ය.

    තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කාන්තා කණ්ඩායමට ලබා දුනි.

    ඒ අනුව කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි එක්පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලකුණු 195ක් ලබා ගත්තේය.

    කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Hayley Matthews ලකුණු 38ක් රැස්කළාය.

    පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි සහ කවිෂා දිල්හාරි කඩුලු 03 බැගින් දවාගත්තෝය.

    ලකුණු 196ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ජග්‍රහණය වාර්තා කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *