mpox නම් වෛරස් රෝගය වැළඳුනු තවත් පුද්ගලයෙක් දකුණු අප්‍රිකාවේ මියගොස් තිබේ.
ඒ එම රෝගී තත්ත්වයෙන් පැය 24ක් තුළ මියගිය දෙවැනි පුද්ගලයා බව වාර්තා වෙයි.
මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 37 සහ 38 හැවිරිදි වියේ පසුවූවන් ය.
මේ දක්වා එරටින් 2024 වසරේදී ආසාදිතයින් 6 දෙනෙක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය.
මීට පෙර මෙම වෛරස රෝගය හැඳින්වූයේ මංකිපොක්ස් නමිනි.