Headlines

    දුම්රිය ධාවනයට බාධා

    ප්‍රධාන මාර්ගයේ සහ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

    අද (16) උදෑසන කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රියේ ප්‍රධාන නියාමක මහතා දුම්රියෙන් ඉවතට විසිවී සිදුවූ අනතුරක් හේතුවෙන් එම දුම්රිය මේ වනවිට ගම්පහ දුම්රිය ස්ථානයේ නවත්වා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 

    ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව සඳහන්ය.

    ගනේමුල්ල – බුලුගහගොඩ යන දුම්රිය ස්ථාන අතර දී එම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ දුම්රිය නියාමකවරයා රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි.

    මේ අතර තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලී පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ දුම්රිය ඊයේ (15) රාත්‍රී එලෙස පිලී පැනීමට ලක්ව ඇති බව සඳහන්ය.

    ඒ අනුව කොළඹ කොටුව සිට – බදුල්ල බලා ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති අතර බදුල්ල සිට කොටුව බලා ධාවනය වන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.

    බස්රථ මගින් එම දුම්රිය ස්ථාන දෙක අතර මගීන් හුවමාරු කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *