Headlines

    ජල සැපයුම යථාතත්ත්වයට පත්කිරීම ගැන දැනුම්දීමක්

    ලබුගම – කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දිය හැකි වනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් කලටුවාව සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයක ගැටී අනතුරක් සිදුව තිබුණේ අද අලුයම 2ට පමණය.

    මේ තත්ත්වය හමුවේ ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම මේ වන විට අත්හිටුවා තිබේ.

    අද දෙරණ වාර්තාකරු පැවසුවේ අධික වේගයෙන් ධාවනය වී ඇති මෝටර් රථය ගොඩගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අදාළ ජල නළයේ ගැටී පෙරළී ගොස් ඇති බවය.

    අනතුරින් නළය පුපුරා යෑමෙන් ඊයේ (16) රාත්‍රියේ සිට ඉන් ජලය පිටතට කාන්දු වී තිබිණි.

    යාබඳව පිහිටි විදුලි රැහැන් කණුවක්ද ජල පහරේ වේගයට කඩාවැටෙන අයුරු අප කැමරාවේ සටහන්ව තිබේ.

    සිදුවන ජල කාන්දුව නිසා කලටුවාවේ සිට සිදු කරන ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබිණි.

    මේ අතර අනතුරට ලක්වූ මෝටර් රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු සුළු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *