කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබේ.
හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම 2ට පමණ මෝටර් රථයක් එහි ගැටීමෙන් නළය පුපුරා ගොස් තිබිණි.
මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අඩාල වූ අතර නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (18) අලුයම 2 පමණ සිට යළි ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇතැයි ද එම මණ්ඩලය පැවසීය.
අනතුර හේතුවෙන් ජල නළය පුපුරා යෑමෙන් ඊයේ රාත්‍රියේ දැවැන්ත ජල කාන්දුවක් එම ස්ථානයේ සිදුව තිබූ අතර, යාබදව පිහිටි විදුලි රැහැන් කණු දෙකක්ද ජල පහරේ වේගයට කඩාවැටී තිබිණි.
සිදුවූ ජල කාන්දුව හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ලවුණි