තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික්, සැෂේ පැකට් මාර්තු 31ක සිට තහනම් කර ගැසට් පත්‍රයක් රජය විසින් නිකුත් කරයි.

ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව ප්ලාස්ටික් නියාමනයට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් රජය විසින් නිකුත් කර තිබේ.

www.documents.gov.lk

යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක බව අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් දැනුම් දී ඇත. ඒ අනුව,

i. ශුද්ධ පරිමාව මි.ලී 20ට / ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවික කිරීම සඳහා හැර,
ii. හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු – බැලුන්, බෝල, දිය මත පාවෙන/ පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර,
iii. ප්ලාස්ටික් කූර (Stem) සහිත කෝන් බඩ්ස් (cotton buds) වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර අනෙකුත් දෑ පාවිච්චි කිරීම තහනම් වේ.

මේ අතර අංක 2211/50 2021 ජනවාරි 21 වන දින දරන ගැසට් පත්‍රය මඟින් ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්ය ද කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *