Headlines

    වව්නියාවේ භූකම්පනයක්

    වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවය.

    වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය.

    රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය.

    එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවය.

    වව්නියාව ප්‍රදේශවාසීන් භූකම්පනය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය.

    “ළමයි දෙන්නා පාඩම් කර කර හිටියේ. එතපාරම අමුතු සද්දයක් ආවා. මේසේ උඩ තිබුණ ඒවා හෙල්ලිලා ගියා. අපිට ඇත්තටම බය වුණා සෑහෙන්න. විනාඩි 3ක් වගේ තිබුණා.”

    “පොළොව යටින් මොකක්ද යනවා වගේ දැනුනේ. මහා විශාල ශබ්දයක් ආවා. නිදාගෙන හිටිය කාමරේ ජනේල් දෙදරුවා. ලොකු දෙදරීමක්…”

    “අපි නිදාගන්න ලෑස්තිවෙලා හිටියේ. එකපාරම අකුණු සැරක් වෙගේ සද්දයක් එක්ක ජනෙල් හෙල්ලුණා. පොළොවත් ගොඩක් හෙල්ලුණා. අපි හිතුවා ගල්කොරියක වගේ බ්ලාස්ට් එකක් කියලා.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *