Headlines

    ලබන 26 වනදා ගුරුවරු ලෙඩ වන බවට අනතුරු ඇඟවීමක්

    ලබන 26 වන දා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

    එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බවය.

    කෙසේ වෙතත් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඊයේ (18) පැවති උත්සවයකදී සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බවය. 

    මේ අතර සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡා සුබවාදී බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

    එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පැවසුවේ, වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන්ට සතියක කාලයක් ලබාදෙන බවය.

    මේ අතර අද දිනයේ සිට විශ්වවිද්‍යාල ඉදිරිපිට අට්ටාල ගසමින් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ද පැවසු ඒ මහතා විසඳුම් නොලැබුණහොත් සත්‍යග්‍රහ ව්‍යාපාරය කොළඹට ගෙන එ්මට කටයුතු කරන බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *