Headlines

    රට සංවර්ධනය කිරීමේ සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

    වසර 15කින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් පිරිපුන් දේශයක් සංවිධානය සකස් කළ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ (19) දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් අත්සන් තැබීය.

    ඒ කොළඹ පැවති උත්සවයකදීය.

    එය නම් කර තිබුණේ “ශ්‍රී ලංකාව සංවර්ධනයේ සුසමාදර්ශී හැරවුම 2025” නමිනි.

    මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, සිවිල් සහ බහුජන සංවිධාන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිකයින් ඇතුළු පිරිසක් එක්විය.

    මෙහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ, 

    “රටේ ඇති විය හැකි අනාගතය පිළිබඳව මව්බිම ජනතා පක්ෂයට මනා දැනුමක් තිබෙනවා. ඒ නිසා තමයි අපි ඇවිත් කිව්වේ ලංකාවේ දේශපාලනයේ ආඛ්‍යානය වෙනස්විය යුතු බව. අනෙක් කරුණ තමයි… දියුණු වෙන රාජ්‍යයන් දියුණු වෙන්නේ සංකල්ප මත.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *