වරාය වෘත්තිය සමිති සේවකයින් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (01) අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

තව ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුව ඊයේ (31) පස්වරුවේ රැස්වූ අතර කමිටුවේ සභාපති, වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ප්‍රකාශ කළේ, එහි වාර්තාව විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, කමිටු නිර්දේශ සහ කැබිනට් පත්‍රිකාවක් අද (01) විෂයය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති යෝජනාවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *