Headlines

    කරන්නාගොඩගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

    හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. 

    2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබෙන නඩුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනුකර තිබුණි.

    ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන්, මායාදුන්නේ කොරයා සහ චමත් මොරායස් යන  පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

    තවද අදාළ නඩුව සැප්තැම්බර් මස 25 වනදා විභාගයට ගැනීමට විනිසුරුවරයා විසින් දින නියම කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *