සෞඛ්‍ය නීති නිසි අයුරින් පිළිපදිමින් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් බව නිදහස් සැමරුම් උළෙල පිළිබඳව පැහැදිළි කිරීම සඳහා අද (01) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.
මෙවර උත්සවයට සහභාගී වන ආරාධිත අමුතතන් සහ ප්රභූවරු සංඛ්‍යාවද අවම කර අතැයිද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමෙන් පසුව ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය පැවැත්වෙන අතර යුධ හමුදා භට පිරිස් 3153ක්, නාවික හමුදා භට පිරිස් 821ක්, ගුවන් හමුදා භට පිරිස් 742ක් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පොලිස් භට පිරිස් 510ක් සහ සිවිල් ආරක්ෂක බලකායෙන් 457ක් වශයෙන් භට පිරිස් සහභාගී වේ.අනතුරුව නර්තන සහ වාදන ශිල්පීන් 340කගේ සහභාගිත්වයෙන් සංස්කෘතික අංග පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කාර්යාලවල සහ නිවෙස්වල මෙම සතිය තුළ ජාතික කොඩිය ඔසවා 73වන ජාතික නිදහස් දිනයේ අභිමානය රකින් ලෙසද , මහජනතාවට එම උත්සවයට සහභාගී වීමට නොහැකි වුවත් ජනතාව තම නිවෙස් වල සිට මෙම අභිමානවත් උත්සවය නරඹන ලෙසද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරේය.

නිදහස් දින සැමරුමේ පෙර පුහුණුවීම් හේතුවෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රය අවට හා නිදහස් මාවත අවට සහ ටොරින්ටන් ආශ්රිත වාහන ගමනාගමනය සීමා වීම හා නෙළුම් පොකුණ වටරවුම, පුස්තකාල වටරවුම හා නිදහස් මාවත යන ප්‍රදේශවලට පෙරහුරු කාලය තුළදී මෙන්ම නිදහස් දිනයේදීද වාහන ඇතුළුවීමක් සිදු නොවේ. නිදහස් දිනයේදී ද පෙරවරු 4 සිට පස්වරු 1 දක්වා කාලය තුළ මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මකයි.

එසේ වුවත් ගාලු පාර, හයිලෙවල් පාර, නුවර පාර, මීගමුව දක්වා මාර්ගය මෙන්ම නුවර – කටුනායක අධිවේගී මාර්ග රථ වාහන ධාවන සීමා කිරීම්වලින් තොර බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම සීමාකිරීම් තුළින් එම ප්‍රදේශවල පවතින රාජ්‍ය ආයතනවලට, පෞද්ගලික ආයතනවලට මෙන්ම එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට කිසිඳු අවහිරයක් නොවන බවත්, තමතමන්ගේ ස්ථානවලට ගමන් කිරීමේදී රථවාහන පොලිස් නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුව තටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත්, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. එමෙන්ම පෙබරවාරි 04 දින උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය අතරතුර නිවාඩු දිනයක් නිසා ආයතන නොපැවැත්වෙන නමුත් නිවෙස්වල පදිංචි පුද්ගලයන් අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් බැහැර නොවන ලෙස පොලිසිය ඉල්ලා සිටී බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.