Headlines

    සංචාරකයන් ලක්ෂ 10 පනී

    2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10  සීමාව ඉක්මවා ගොස් තිබේ.

    අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බව වාර්තා විය.

    ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි නම් කෙරුණු අතර ඔහු සමග පැට්‍රීෂියා රෝයි නම් කාන්තාව ද පැමිණ තිබුණි.

    ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

    ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *