Headlines

    අවසන් මහා තරගයේ පළමු වාසිය ඉන්දියාවට

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (29) පැවැත්වෙයි.

    එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    තරගය තව සුළු මොහොතකින් බාර්බඩෝස් හිදී ආරම්භ වීමට නියමිතය.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අවසන් පූර්ව වටයේදී පෙරළිකාර ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ඉතිහාසයේ පළමුවරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තේය.

    ඉන්දියාව අවසන් මහා තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී ගියවර ශූරයින් වූ එංගලන්තය පරාජය කරමිනි.

    ඒඩ්න් මාක්‍රම්ගේ නායකත්වය යටතේ 2014 වසරේදී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනූ දකුණු අප්‍රිකාව මෙවර ඔහුගේ නායකත්වය යටතේ පළමුවරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසීම විශේෂත්වයකි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *