Headlines

    උරුමය මොනරාගලට

    සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම අද (30) සිදුකළේය.

    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකදීය.

    එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිම සින්නක්කර ඉඩම් ඔප්පු සංඛ්‍යාවක් ලබාදෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමතර ප්‍රතිපාදනයක් ලෙස රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *