Headlines

    ප්‍රංශයේ අධිවේගයට කඩා වැටුණු ගුවන් යානය

    ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

    ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති බව සඳහන් වේ.

    කෙසේවෙතත් ගුවන් යානය කුමන හේතුවක් මත කඩා වැටී ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *