Headlines

    වෙළෙඳපොළට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

    ලංකා අයිඕසී සමාගම විසින් අද (02) 100 ඔක්ටේන් පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    සිය X ගිණුමේ  තබමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

    මේ අතර ලංකා අයිඕසී සමාගමේ ප්‍රධානීන් පිරිසක් තමා හමුවී සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය.

    ලංකා අයිඕසී ඉන්ධනහල් ව්‍යාප්ත කිරීමේ සැලසුම, ලිහිසි තෙල් වෙළෙඳපොළ, තෙල් ටැංකි සංකීර්ණය දියුණු කිරීම, ඉන්ධන මිල සූත්‍රය සහ යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගෙන තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *