Headlines

    ලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්

    දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයකි.

    මීටර 2ක පමණ උසින් යුතු පියගැට පෙළකින් වැටී සිටියදී අක්‍රීය වූ රොබෝ සේවකයා සොයා ගෙන තිබුණි.

    රොබෝ යන්ත්‍රය පඩිපෙලෙන් පහළට වැටීමට පෙර එක තැන කැරකී ඇති බවත්, පසුව පඩිපෙලෙන් පහළට වැටී ඇති බවත් ගුමි නගරයේ බලධාරීන් සඳහන් කර තිබේ.

    ගුමී නගරවාසීන් සියදිවි නසාගත් රොබෝවරයා වෙනුවෙන් ශෝකය පළ කර තිබුණි.

    කෙසේ නමුත් ඊට අදාළ වූ තාක්ෂණික හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැත.

    දකුණු කොරියානු මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර තිබුණේ එරට සිදුවූ පළමු රොබෝ සියදිවි නසාගැනීම ලෙසය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *