අද දින (03) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 715 දෙනෙකු හදුනාගෙන ඇති ඒ සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (02) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 261 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 142 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 61 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 464 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 07 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්, වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 18ක් වයසැති පිරිමි දරුවෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (02) දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 12,340 කි.

කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 65,698
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 59,043
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 6,325
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 330
https://www.hpb.health.gov.lk/ (Accessed feb-02-2021 10.00 a.m IST)