Headlines

    වසර 17කට පෙර හමුවූ සුපිරි පාපන්දු තරු දෙක

    2007 වසරේදී එවකට වයස අවුරුදු 20ක් වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී දින දර්ශනයක් සඳහා ඡායාරූප රූගත කිරීමකට එක්වුණි.

    ඔහු එහිදී බිළිඳෙකු අත දරාගෙන එක් ඡායාරූපයක් සඳහා මුහුණ දුන්නේය.

    එම ඡායාරූපයේ සිටින දරුවා වසර 17කට පසුව සුපිරි පාපන්දු තරුවක් වෙතැයි කිසිවෙක් නොසිතන්නට ඇත.

    ඒ දරුවා, ලෙමින් යමාල් ය. ඔහු අද ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ තරුවකි.

    පසුගියදා ප්‍රංශය සමග පැවති යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ජමාල් විශාල මෙහෙයක් කළේය.

    ඒ තම කණ්ඩායමේ පළමු ගෝලය රැස්කරමිනි. ඒ වනවිට වයස අවුරුදු 16යි දින 362ක් වූ ජමාල්, යුරෝපීය කුසලාන ඉතිහාසයේ ගෝලයක් ලබාගත් ළාබාලතම ක්‍රීඩකයා වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *