Headlines

    විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නවතී

    විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් දින 75ක සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඉදිරියේ වෘත්තීය සමිති නියෝජිතයින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේය.

    ඒ අනුව අනධ්‍යයන සේවකයින් යළි සේවයට වාර්තා කිරීමට නියමිතය.

    දීමනා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය මැයි 02 වනදා සිට දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *