Headlines

    ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

    පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    පෙරේදා (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත.

    ඊට අමතරව මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

    මීට පෙර පෙබරවාරි මස 13 වන දින ද මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *