Headlines

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මාට

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ.

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබුණි.

    ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බව වාර්තා වේ.

    කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන් වේ.

    නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15) දිනයේ දී දිවුරුම් දීමට නියමිතය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *