Headlines

    යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට

    යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය දිවයිනට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය.

    අද (16) අලුයම ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

    රජයේ ආරාධනාවක් මත Audrey Azoulay මහත්මිය මෙරට සංචාරයේ නිරත වන අතර ඇය ලබන 19 වන දා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය.

    සංචාරය අතරතුර Audrey Azoulay මහත්මිය ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වන සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සැමරුම් උත්සවයකට ද ඕද්රි අසූලේ මහත්මිය සහභාගී වීමට නියමිත අතර මෙරට යුනෙස්කෝ ලෝක උරුමය නැරඹීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *