Headlines

    කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සතුන්ට දැඩි ජීවිත අවදානමක්

    නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම් හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සත්වයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.

    මේ දිනවල පවතින වාරකන් කාලය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් බොටම් ට්‍රොලින් ක්‍රමය වැනි නීතිවිරෝධී උපක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම සිදුකරන බව වාර්තා වේ.

    මේ හේතුවෙන් කැස්බෑවුන්, ඩොල්ෆින් වැනි සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    පසුගිය සතිය තුළ පමණක් බස්නාහිර මුහුදු තීරයේ තිබී කැස්බෑවුන්ගේ සිරුරු 10කට අධික සංඛ්‍යාවක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.

    මියගිය කැස්බෑවුන් බොහෝ දෙනෙකු ශ්වසනය අපහසුතාවයෙන් මෙන්ම අවල්පත් කැඩීයාම සහ තුවාල සිදුවීම හේතුවෙන් මරණයට පත්ව ඇති බව සිදුකළ පරීක්ෂණවලින් අනාවරය වී ඇති බව වනජීවි පශු වෛද්‍ය නිලධාරීන් පවසයි.

    මෙලෙස නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් එල්ල වන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර කලාප පශු වෛද්‍ය සුහද ජයවර්ධන මහතා පැවසුවේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *