Headlines

    අසංක අබේගුණසේකර අත්අඩංගුවට

    ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ මහතා අද (21) උදෑසන අමෙරිකාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව අසංක අබේගුණසේකර මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    අසංක අබේගුණසේකර මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයා ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *