Headlines

    බිත්තර ආනයනය ගැන අවසන් තීරණය අද

    බිත්තරයක් අද (22) සිට රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    ඉදිරියේ දී බිත්තර මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති ආර්.එම් සරත් රත්නායක මහතා පැවසුවේය.

    කෙසේවෙතත් බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේ දී යළි බිත්තර මෙරටට  ආනයනය කිරීමට රජය තීරණය කර බව වාර්තා වේ.

    ඒ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගෙන් සිදුකළ විමසීමක දී ඔහු සඳහන් කළේ මෙරටට යළි බිත්තර ආනයනය කිරීම පිළිබඳව තීරණය අද දිනයේ දී දැනුම් දීමට නියමිත බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *