Headlines

    සා පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

    2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

    මේ වනවිට උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවසන් සතියේ ඇති බවත්, උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට ප්‍රතිඵල ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    2025 ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත මීළඟ සාමාන්‍ය පෙළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *