Headlines

    හොදම මාස්ක් එක මොකක්ද? – දැනගෙන මාස්ක් පදිමු…

    රෙදි මාස්ක් එක හොදද? සර්ජිකල් මාස්ක් එකද KN95 එකද වඩාත්ම හොද? මේවා අපි හැමෝටම මාස්ක් ගැන තියෙන ගැටලු. ඉතා සියුම් නූල් අපිළිවෙළට සෑම තැනකම වියූ කෙදි සමූහයක් වශයෙන් සර්ජිකල් මාස්ක් එකක අන්තර්ගතය සකස් වෙනවා. මෙවැනි ලේයර දෙකක් තුනක් එකතු කර ඉතාම කුඩා අංශුවකට පවා ඒ හරහා ගමන් කළ නොහැකි ලෙස තමයි මේ සර්ජිකල් මාස්ක් නිර්මාණය වෙන්නේ. මෙම සැකැස්ම නිසා කෙළ බිදිති මාස්ක් එක හරහා එළියටත් ඇතුලටත් ගමන් නොකරන පරිදි නිර්මාණය වී තිබෙනවා.

    සාමාන්‍ය අවස්ථාවකදී සර්ජිකල් මාස්ක් එක ප්‍රමාණවත්ද? ඔව්. සාමාන්‍ය අවස්ථාවක් සදහා සර්ජිකල් මාස්ක් එක හොදටම ප්‍රමාණවත්….මෙහෙම කියන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා.

    නමුත් විශේෂ අවස්ථා වලදී සෞඛ්‍ය සත්කාර සේවා, කොවිඩ් රෝගියෙකුට ප්‍රතිකාර කරන අවස්ථාවකදී, දැඩිසත්කාර ඒකක ආදියෙහිදී තත්ත්වය වෙනස්. ඒවගේ අවස්ථාවන් සදහා ගැලපෙනම මාස්ක් එක තමයි N95 මාස්ක් එක.

    KN95 කියන්නේ මොකක්ද? ලෝකේ ප්‍රසිද්ධ ප්‍රමිතිකරණ ආයතනයක් වන NIOSH ආයතනය ලබාදීලා තියෙන ප්‍රමිතිකරණය අනූව තමයි KN95 මාස්ක් එකට ඒ නම ලැබෙන්නේ. කුඩා අංශු 95%ක් ඇතුලට ඒමෙන් වළකින බවට සහතිකයක් KN95 මාස්ක් එකට ලැබිලා තියෙනවා.

    රෙදි මාස්ක් එකකින් ලැබෙන්නේ සර්ජිකල් මාස්ක් එකකට සහ KN95 මාස්ක් එකකට වඩා අඩු ආරක්ෂාවක්. මාස්ක් එකක වර්ණය, විලාසිතාවට වඩා වැදගත් වන්නේ ප්‍රමිතිය සහ එයින් ලැබෙන ආරක්ෂාව. මාස්ක් එකක් භාවිතා කළ යුතු කාල පරාසය තීරණය වෙන්නේ එය තෙතමනයට නිරාවරණය වන ප්‍රමාණය මත. මාස්ක් නැවත භාවිතයට සුදුසු නැති බවට මෙන්ම දිනකට එක මාස්ක් එකක් භාවිතා කරන්න කියලා තමයි සෞඛ්‍ය නිර්දේශය. මුඛ ආවරණය ඔබගේ සිනහව වසන් කළත්, වක්‍රව ඔබට සෞඛ්‍යාරක්ෂාව සලසමින් සිනහව කැන්දන බව ඔබ දැනසිටියාද?… මුඛ ආවරණ දැන පැළද අප රැකෙමින් සැම සුරකිමු..

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *