Headlines

    යළි අරගලයකට ඉඩක් නෑ -ආරක්ෂක ලේකම්

    යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ජනාධිපති මාධය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    ප්‍රශ්නය – ලංකාවේ යම් පිරිස් කියලා තියෙනවා ඔවුන් අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල ලැබුණේ නැත්නම් ලංකාවේ සමහරවිට දෙවැනි අරගලයක් වෙන්න පුළුවන් කියන එක. නැවත එවැනි දෙයක් වළක්වා ගැනීම සඳහා ලංකාවේ ආරක්ෂක අංශ මීට වඩා දිරිගැන්විලා ද ඉන්නේ ?

    “ඒ වෙලාවේ ඇති වුණ තත්ත්වය ඉතාම හදිසියේ ඇතිවුණ තත්ත්වයක්. නමුත් අපි සියලුදේ අධ්‍යයනය කළා ඇයි මෙහෙම වුණේ? කොහොම ද මෙහෙම වුණේ ? කවුද මේකට වගකිව යුත්තේ කියන හැමදේම හොයලා ඒවට අවශ්‍ය නිති පියවර අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ ඒ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. මොකද ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න ආවොත් පොලීසිය සැදී පැහැදි ඉන්නවා. පහුවෙලා හරි ආරක්ෂක අංශ විශාල මැදිහත්වීමක් කළ නිසා තමා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණේ. නමුත් ඒ වෙද්දිත් විශාල හානියක් වෙලා තිබුණේ. කොහොම වුණත් නැවත එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් නෑ.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *