Headlines

    ඔන්ලයින් ඔස්සේ මුදල් වංචාකළ විදේශිකයින් පිරිසක් මන්නාරමේදී අත්අඩංගුවට

    අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේදී විදේශීය ජාතිකයින් 50කට වැඩි පිරිසක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

    වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ එහිදී පිරිමි පුද්ගලයන් 44ක් සහ කාන්තාවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

    එම පිරිස පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලය ක සිට ජාවාරම සිදුකර ඇති අතර අධිකරණ නියෝගයක් ලබාගෙන එම හෝටලය පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළේය.

    එහිදී එම ජංගම දුරකථන 98ක්, පරිගණක 44ක් සහ  සිම් කාඩ් විශාල ගණනක් පොලිස් භාරයට ගෙන ඇති අතර  පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි. 

    ඔවුන්ගෙන් ලද තොරතුරු අනූව තවත් විදේශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් භාරයේ තිබී රුපියල් කෝටියකට වැඩි මුදලක් පොලිස් භාරයට ගෙන තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *