Headlines

    මැද පෙරදිග යුද බිය පැතිරෙයි

    තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

    ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.

    ඔහු නිදා සිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

    එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ද මියගියේය.

    ඔහුව ඝාතනය කර තිබුණේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් හි නිවසකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකිනි.

    මෙම ඝාතන හේතුවෙන් මැද පෙරදිග යුද උණුසුම වැඩිවී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *