Headlines

    අපි පානය කරන ජලය ගැන හෙළිදරව්වක්

    මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනය එක්වී පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සිදුකරන ලද ගෘහස්ථ සමීක්ෂණයේදී මේ පිළිබඳ කරුණු හෙළිවී ඇත.

    ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඒ බව පැවසීය.

    මෙරට දිස්ත්‍රික්ක 25තුළ නාගරික, ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිවාස ඒකක 3210ක නියැදීන් යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *