Headlines

    පොහොට්ටුව නව නායකයින් පත්කරයි

    රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ, අනුරාධපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික් නායක ධුර දැරූ අමාත්‍යවරුන් තිදෙනෙකු සහ මන්ත්‍රීවරයෙක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම හේතුවෙන් එම තනතුරුවල වැඩ බැලීම සඳහා අලුතින් සිව් දෙනෙකු පත් කර ඇත.

    ඉන් අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පත්කර ඇත.

    මීට අමතරව ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද, අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙනුවට මාතර දිස්ත්‍රික් නායකත්වයේ වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාත් පත්කර තිබේ.

    එමෙන්ම ගාල්ල දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ රමේෂ් පතිරණ මහතා වෙනුවට එම දිස්ත්‍රික්කයේ වැඩබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පත් කර ඇත

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *