Headlines

    එංගලන්තයේ නගර කිහිපයක කෝලාහල පැතිරෙයි

    ලිවර්පූල්, ස්වුත්පොර්ට් ප්‍රදේශයේදී පිහියෙන් ඇන ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කිරීමෙන් අනතුරුව එංගලන්තයේ ප්‍රදේශ කිහිපයක කලබල සහ ගැටුම් ඇතිවී ඇති බව වාර්තා වෙයි.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊයේ (03) එංගලන්තයේ නගර කිහිපයක කලබලකාරී තත්ත්වයන් වාර්තා වූ බවත් ඉන් පොලිස් නිලධාරීන් ට තුවාල සිදුවී ඇති බවත් ය.

    එසේම දේපොළ විනාශ කිරීමේ සිදුවීම් ද වාර්තා විය. වසර 13කට පසුව එරටින් වාර්තා වූ දරුණුතම කලබලකාරී තත්ත්වය මෙය බව සඳහන් ය.

    විශේෂයෙන්ම සංක්‍රමණික විරෝධීන් විසින් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.

    එරට පොලීසිය පවසන්නේ ගැහැණු දරුවන් තිදෙනා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයා රැඩිකල්කරණය වූ මුස්ලිම් සංක්‍රමණිකයෙක් බවට කටකතා පැතිරගොස් ඇති බවත් ඒ හේතුවෙන් සංක්‍රමණික විරෝධීන් කලබල ඇතිකරන බවත් ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *