Headlines

    ජනපති අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කළ කමිටුව සැලසුම් කර තිබේ.

    ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සියලු අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කමිටුව විසින් සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි.

    මේ අතර පොලිස්පතිධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව හේතුවෙන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයාගේ සියලු බලතල මහජන ආරක්ෂක අමාත්‍යංශය ලේකම් වියානි ගුණතිලක මහතා වෙත පවරා තිබේ.

    ජනාධිපති ලේකම්වරයා විසින් ඒ පිළිබඳව ලිඛිතව මැතිවරණ කොමිසමට ද දැනුම් දී තිබේ.

    ඒ අනුව මැතිවරණ කාලසීමාව තුළ පොලිස්පතිවරයා විසින් නිකුත් කරන සියලු නියෝග, මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම, රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදන කරදීම, ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සහ ඒ සඳහා අවශ්‍ය මුදල් ගෙවීම් කටයුතු ආදී සියල්ල ලේකම්වරයා විසින් සිදු කිරීමට නියමිතය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *