Headlines

    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේකනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර තිබුණි.

    කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.

    ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර, කිසිදු හේතුවක් මත එය කල් නොදැමෙන බව ද මැතිවරණ කොමිසම පවසයි.

    තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www..elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

    මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට අදාළ ව මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *