Headlines

    බ්‍රිතාන්‍ය යුද පිටියක් වෙයි 

    එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද (05) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

    මීට දින කිහිපයකට ඉහතදී 17 හැවිරිදි තරුණයෙක් විසින් පිහියකින් ඇන කුඩා ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කර තිබූ අතර එම සිද්ධියෙන් අනතුරුව එරට තුළ දැඩි මුස්ලිම් විරෝධයක් මතුවෙමින් පවතී.  

    විරෝධතාකරුවන් විසින් සරණාගතයින් පිරිසක් රඳවා සිටින රොතර්හැම් හි හෝටලයකට ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

    ටැම්වර්ත්, මිඩ්ල්ස්බ්‍රො, බෝල්ටන්, හල් සහ වේමවුත් යන ප්‍රදේශවලද කෝලාහල ඇතිවූ බව සඳහන් ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *