2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන හිමි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහා ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිරිපාල අමරසිංහ මහතා ද ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඊයේ (05) ඇප මුදල් තැන්පත් කළේය.
එමෙන්ම අරුණළු ජනතා පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් වෛද්‍ය කේ.ආර්. කිෂාන් මහතා ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.