සමගි ජන සන්ධානය එළිදකී

ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළිදැක්වීම අද (08) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදුකෙරුණි.

මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මෙරට මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්ව එකමුතුකමින් කටයුතු කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අතර, එම සන්ධානය සඳහා රවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පලනි දිගම්බරන් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ, වී. රාධාක්‍රිෂ්නන් මහතා නායකත්වය දරන කඳුරට ජනතා පෙරමුණ, ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු නිදහස ජනතා සභාව, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශ්වය සහ අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ පුරවැසි හඬ බහුජන ව්‍යාපාරය අත්සන් තැබීය.

” සමගි රටක් සැමට ජයක් වෙනුවෙන් සම්මුතිය” ලෙසින් එය නම්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *